ප්‍රදේශ ගණනාවකට වැසි

ඉදිරි කාලය තුළ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම ඌව සබරගමුව, බස්නාහිර පළාත්වලත්,රත්නපුර, කළුතර ගාල්ල සහ මාතර,හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් මීට හේතු වී තිබේ. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි සහ පොළොන්නරුව, මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්