පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

මේ වන විට පාර්ලිමේන්තුව තුළ හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව කල්දැමීමට තීන්දුවට සියලුම විරුද්ධ පක්ෂ අවස්ථා කිහිපයක දීම වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලීම් කොට තිබිණ.නමුදු කතා නායක වරයා ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම මත ජනාධිපති වරයා විසින් ජනවාරි 18 තෙක් කල් දැමූ පාර්ලිමේන්තුව තුළ මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම ගැන තාමත් කිසිම පාර්ශවයකින් නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුව නැත.එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මුල් වරට මේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වී ඇති මුත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට සහභාගී සහභාගී නොමැති බව ද පැවසෙයි

කාලීන පුවත්