ලතා මංගේෂ්කාර්ට කොවිඩ් නියුමෝනියාව

භාරත ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් කොවිඩ් 19 ආසාදනය වීම නිසා මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.ඇය කොවිඩ් නියුමෝනියාවෙන් පෙළෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබේ..පසුගිය වසර කිහිපය තුළ ලතා මංගේෂ්කාර් රැකබලා ගනිමින් සිටින බ්‍රීච් කැන්ඩි රෝහලේ වෛද්‍ය ප්‍රතික් සමාදානි ඉන්දියාවේ මාධ්‍ය වෙත තහවුරු කළේ, ලතා මංගේෂ්කාර් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ රෝහලට ඇතුළත් කරන ලද අතර ඇය කොවිඩ් නියුමෝනියාවෙන් පෙළෙන බවයි.කෙසේ වෙතත්, ඔහු ඇගේ රෝගය සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරිපත් කොට නැත.ලතා මංගේෂ්කාර් මේ වන විට අනූ දෙහැවිරිදි ය.

කාලීන පුවත්