මෑත කාලයේ මම කියවපු පොතක් තමයි මනෝහාරී ජයලත්ගේ සංසක්කාරී. ඒක මට හිතට බොහොම තදින් දැනුණ පොතක්. සංසක්කාරී කියන පොත මට දුන්නෙ ජනක ඉනිමංකඩ. අපි දන්නෙ ලංකාවේ දළදා වහන්සේ ලංකාවට වැඩම කළේ හේමමලා කුමරිය; හිසේ මේක පැළඳගෙන හිසේ හංගගෙන ආවේ.
එතකොට කාන්තාවක් තමයි ඒක ගෙනාවෙ. එතකොට අද දළදා වහන්සේ වන්දනාමාන කරන කොට කාන්තාවන්ට විශේෂ වාරණ ගොඩක් තියෙනවා. අපි දන්නව ඒක. එතන, කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන්නෙ වෙනත් හැඟීම්.
හැබැයි දළදාව ආරක්ෂා කළේ කාන්තාවක්. ඊට පස්සෙ සංසක්කාරී කියන්නෙ රජ මාලිගාවේ පූජාවට රෙදි අපුල්ලනහරි රදාවරුන්ට හරි කියනව. ඒ කුල පිරිස තමයි රජ මාලිගාවේ බිසවුන් වහන්සේ ළඟට යනකන් යන්න පුළුවන් ඕන හැකියාව තිබුණු අය.
එතකොට මේ රාජ්‍යත්වය ආරක්ෂා කිරීම මේ දළදා වහන්සේ රැක ගැනීමත් ලොකු කාර්ය භාරයක් හැටියට ආදි කාලයේ ඉඳලා තිබිච්ච දෙයක්. සංසක්කාරී පොතේ තියෙන්නෙ අන්න ඒකට මේ රදාවරු රෙදි අපුල්ලන්නන් විසින් කරපු කාර්යභාරයක්. එහිදී ඒ ආරක්ෂාව කරන්නේ ඩිංගිත්තී කියන ඒ රදා කුලේ කාන්තාව.
ඇය තමයි මේ රාජ්‍යත්වය වෙනුවෙන් මේ දළදා වහන්සේ රැකගන්න උත්සාහ කරන්නේ. ඒ කරපු කැප කිරීම තමයි මේ පොතේ තියෙන්නෙ; එදා භාෂාවත් එක්ක ඉතා අපූරු ලෙස. ඒකෙ දී ඇය ඒක රඳවගන්නෙ ඇයගෙ තන පුඩුවෙ; දළදාව ආරක්ෂා කරන්නෙ. එතකොට ඇයට ආදරේ කරන ප්‍රේමණීය වස්තූන්; සියල්ල ඇයගේ ආදරවන්තයා දෙන පළිඟුව තියා ගන්නෙත් එතන. එතකොට එතන සංකේතවත් වන්නෙ ආදරේ තිබිච්ච බැඳීම.
තමන්ගෙ පණ වගේ ආදරේ රැකගත්තෙ වම් තන පුඩුවෙ. එතකොට තන පුඩුවත් එක්කත් සම්බන්ධයක් තියෙනවනෙ මේක. දළදාව තන පුඩුවෙ තියා ගත්ත කිව්වම මහ ප්‍රශ්නයක්.
හැබැයි රැක ගන්න තියා ගත්තෙ. එතකොට හේමමාලි කුමරිය අර කෙස් කළඹෙ මේක රඳවගෙන ආව කියන පණිවිඩේ ඒ සංකේතය පාවිච්චි කරල මනෝහාරි ඉතාම ලස්සනට එදා භාෂාවෙන් අපට මහා දැවැන්ත දේශ ප්‍රේමයක් හැඟීමක් එක්ක මේ කුල ප්රශ්නය අඩු කුලේ අය; එහෙම නැත්නම් එදා අර රෙදි අපුල්ලන්නන් ගැන; රාජ්‍යයත්වය රැක ගන්න කොච්චර දායකත්වයක් දැක්වුවද කියල හරිම ලස්සනට කියා දෙනව. ඉතින් ඒක හරි අපූරු කතාවක්.
සංසක්කාරී මේ ඊයේ පෙරේදම කියපු පොත. පොත් කියන්නෙ මිත්රයොනෙ. වහපුවට පස්සෙ තරහ වෙන්නෙ නෑනේ. ආයිත් ඇරිය ගමන්ම පණ දෙනව අපිට. පොත් මං දන්නෙ හොඳ යාළුවෙක් වගේ. හොඳ යාළුවො කවදාවත් තරහ වෙන්නෙ නෑ. හොඳ පොත්. ඒ වගේ. හරි දෙයක් අපට මඟ පෙන්වනව.
ජීවය දෙනව. හුස්ම දෙනව. ඉතින් මට හොඳ පොත් හම්බ වෙන්න හොඳ යාළුවොත් ඉන්නව. ඉතින් මේක හඳුන්නෙත්තිට නිකන් දෙයි ද කියන්න දන්නෙ නෑ. නමුත් ඒව තමයි යාළුවො. නිදහසේ ඉන්න වෙලාවක් කියල දෙයක් නෑ. නිදහස හැම වෙලාවෙම තියෙනව. පොතක් කියෙව්වත් එකයි. යාළුවෙක් එක්ක කතා කළත් එකයි.
ඒ හැම එකම නිදහස. දේශපාලනෙ අලුත් අත්දැකීම් ලබනකොට; නිදහස මේක තමයි තෘප්තිය. නිදහස කියන්නෙ තෘප්තියනෙ. ඉතින් තෘප්තිය හැම තැනම තියනවනෙ.තමන් ඒක තමා ගන්න විදිහට අනුව තමයි ඕනම දෙයක් අදාල වෙන්නෙ.
සුනිල් හඳුනේත්ති