සංස්ථාවෙන් තෙල් නොලැබුණොත් අදත් විදුලි කප්පාදුවක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් ලබා දෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ මුත් නියමිත පරිදි ඉන්ධන නොලැබුණහොත් අද(14) දිනයේදී ද විදුලිය කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩල අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානි මහතා සඳහන් කරයි.

ඉන්ධන නොමැතිවීමත් සමඟ විදුලි බලාගාරවල ජනන යන්ත්‍ර කිහිපයක් අක්‍රිය වීම නිසා ඊයේ (13) පස්වරුවේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි බිඳවැටුණි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමට ජාතික පද්ධතියට මෙගාවොට් 300 ක අඩුවක් පැවතීම හේතුවෙන බව පවසන ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග දැවිතෙල් අර්බුදයක් ද මතු වීම හේතුවෙන් ඉදිරියේදී විදුලි අර්බුදය තවදුරටත් උග්‍රවිය හැකි බව පවසයි.

කාලීන පුවත්