කැලණිතිස්සට ඩීසල් ලැබුණොත් අද විදුලිය කැපීමක් නැහැ

ඩීසල් නොමැති කමින් අක්‍රියවී ඇති කැළණිතිස්ස විදුලි බලාගාරයට ඩීසල් මෙට්‍රික් ටොන් තුන්දහසක් අද(14) ලබාදීමට ක්‍රියා කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම ඉන්ධන ලැබිමෙන් පසු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

නමුදු එම ඩීසල් තොගය ප්‍රමාණවත් වනුයේ දින දෙකකට පමණක් වන අතර අඛණ්ඩව විදුලිය ලබා දීමට නම් ඩීසල් තොග අඛණ්ඩව බලාගාරයට ලබාදීමට පියවර ගත යුතු බව විදුලිබල මණ්ඩලය කියයි.

නමුදු මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල ප්‍රකාශකයයකු කියා සිටියේ වෙනත් බලාගාර වල හට ගන්නා දෝෂ තත්වයන් මත ඒවා අක්‍රිය වුව හොත් විදුලි බලය සමතුළනය කර ගැනීම පිණිස හදිසි තත්වයන් යටතේ වුව දිවයිනේ විවිධ ප්‍රදේශ වල විදුලි විසන්ධි කිරීම් සිදු විය හැකි බවය.

කාලීන පුවත්