කැලණිතිස්ස බලාගාරයේ විදුලිය ජනනය අද (19) පස්වරුවේ බිඳ වැටීම නිසා අද පස්වරුවේ 6.00 සිට රාත්රී 9.30 දක්වා කොටස් හතරක් යටතේ විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ අනුව අද පස්වරු 6.00 සිට රාත්රී 7.45 දක්වා ද, රාත්රී 7.45 සිට රාත්රී 9.30 දක්වා ද ප්රදේශ කීපයකට පැය එකහමාරකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වියහැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.