ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි රැස්වීමක්

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ තීරණයකට එළැඹීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි රැස්වීමක් මේ වන විට එම පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ වී තිබේ. වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවේ පාර්ශවයෙන් එල්ල වන කෙනහිලි කම් සහ වර්තමානයේ ආණ්ඩුවේ පවතින අර්බුදය මුල් කොට ඉන් ඉවත් විය යුතු බවට ඉදිරිපත්වී ඇති යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.එමෙන්ම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයෙන් නෙරපා දැමිය යුතු බවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද පක්ෂය තුළ විවාදාත්මක තත්වයක් උද්ගත වීම ද මෙම හදිසි රැස්වීම කැඳවීමට හේතු වී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්