විදුලි කප්පාදුවකට අවසර දෙනවාද? නැද්ද? තීරණය අද

විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද(27)තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.එම කොමිසම අද දහවල් රැස් වී දැනට රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද සභාපති වරයා කියයි.දැනට පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 25 වැනිදා සිදුකළ සමාලෝචනයෙන් අනතුරුව අද දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත.එමෙන්ම අද පැවැත්වෙන සමාලෝචනයේදී පවතින ඉන්ධන තොග සහ විදුලි උත්පාදනය කළ හැකි ප්‍රමාණය මෙන්ම විදුලි ඉල්ලු‍ම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව ද සඳහන් වෙයි.

කාලීන පුවත්