කතා නායකටත් කොවිඩ්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් ආසාදිත වී තිබේ .ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ හේතුවෙන් කළ කොවිඩ් පරීක්ෂාවකින් ඒ බව තහවුරු කරගෙන ඇත.මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙකුම කොවිඩ් ආසාදනය වී ඇති අතර ඊයේ(28) දිනයේ දී මන්ත්‍රීවරුන් දෙදෙනකු කොවිඩ් ආසාදිත බව තහවුරු කෙරිණ.මේ අතර වෛද්‍ය වරයකු නොවන පුද්ගලයකු දේව වරමකින් ලත් වට්ටෝරුවක් අනුව තැනූ බව කියූ ධම්මික පැණිය නම් පානයක් රජයේ ඇතැම් දේශපාලනඥයන් විසින් කොව්ඩ් ආසාදනය වීම වළක්වා ගැනීම පිණිස වන ප්‍රතිකාරයක් බව අඟවමින් ප්‍රවර්ධනයට ලක් කළ අතර එය කතානායක වරයා ද පාර්ලිමේන්තුවේ දී පානය කළ පුවතට පසුගිය කාලය තුළ මහත් ප්‍රසිද්ධියක් ලැබුණි.

කාලීන පුවත්