පොහොර තහනම් කළ ආණ්ඩුව ගොවීන් අසීරුවෙන් සපයා ගත් අස්වනු නෙලන කොට රටින් හාල් ගේනවා

ගොවිතැනට උවමනා පොහොර තහනම් කොට ගොවි ජනතාව මහා ව්‍යසනයකට ඇද දැමූ ආණ්ඩුව,ඒ ගොවි ජනතාව අසීරුවෙන් ගොවිතැන් කොට අස්වැන්න නෙළා ගන්නට සූදානම් වන විට චීනෙන් සහ ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කොට ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම, ප්‍රතිපත්තිය සහ වැඩ පිළිවෙල ඇතුලත් ” සමගි ගොවිජන ප්‍රකාශනය” එළිදැක්වීමේ අවස්ථාව ඊයේ(29 )පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය ඉදිරිපිට දී පැවැති අවස්ථාවේ විපක්ෂ නායක වරයා මේ බව කීය.ඊනියා පොහොර තහනමක් මගින් මේ රටේ සරු බිම් මුඩු බිම් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කොට ඇති ආණ්ඩුව තමන්ගේ ගජමිතුරුන්ට සහ සුවච කීකරු ගෝලයින්ට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඉපයීමේ අවස්ථාව සලසා දී ඇතැයිද විපක්ෂ නායක වරයා පැවසීය.

කාලීන පුවත්