රටේ ආහාර හිඟයක් ඇතිවන බවට ජනතාව අතරේ වැරදි මතයක් පතුරුවා හැරීමට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් කටයුතු කරන මුත් එවැන්නක් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.ඒ ඊයේ(29)මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.මේ වන විටත් රටේ ජනතාව පරිභෝජනය කරනුයේ ඉකුත් යල කන්නයේ අස්වැන්න බවත් මෙවර මහ කන්නයේ අස්වැන්න ඉදිරියේ දී නෙලීමට ඇති බවත් කී අමාත්‍ය වරයා රටේ ආහාර හිඟයක් ඇතිවන බවට ජනතාවට කී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එක් මහාචාර්ය වරයකු රසායනික පොහොර සමාගමක අධ්යක්ෂ වරයකු බව ද කීය.