ඉදිරි දින කිහිපයේ විදුලිය නොකැපේ

ඉදිරි දින කිහිපය තුළ විදුලි සැපයුම අඛණ්ඩව ලබා දීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව තීරණය ඇති බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.

එළඹෙන උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල නොවනු පිණිස මෙම තීරණය ගත් බව ඒ මහතා කීය.

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටුණු ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක වීම මඟින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් එක්වන බව ලංකා විදුලිබල මණ්ඩලය ද සඳහන් කොට තිබේ.

කාලීන පුවත්