ඉදිරි දින කිහිපයේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙනවා ද නැද්ද යන්න පිළිබඳ ඊයේ දිනයේදි තීරණයක් ගෙන ඇත.
ඒ අනුව ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා පෞද්ගලික තාප බලාගාර සමග ගිවිසුම්වලට එළඹෙන බවයි.