පංචාංග ලිත් නඩුවෙන් බැසිල් නිදහස්

ආන්දෝලනාත්මක පංචාග ලිත් නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය කළේ විත්තිකරුවන්ට එරෙහි වැරදි කොමිෂම ස්ථාපිත අධි චෝදනා පත්‍රයේ සාක්ෂි අපොහොසත් වීම මත ඔවුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස විත්තියේ පාර්ශවයෙන් කළ ඉල්ලීමකට අනුව ය.
ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් විත්තිකාර සාක්කි කැඳවීමකින් තොරවම පංචාග ලිත් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය..

කාලීන පුවත්