වෛද්‍ය සිසුන්ට පහර දීමේ සිද්ධියට ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

ඊයේ(02)රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද (3) අලුයම නීතිඥවරයෙකු සමග අද අළුයම රාගම පොලීසියට පැමිණ බාරවීමෙන් පසුව අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් පස් දෙනෙකු අද දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.මේ අතර සැකකරු ලබා දුන් තොරතුරු මත ඔහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී පොලිස් බාරයට ගෙන ඇත.සැකකරු ද අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

කාලීන පුවත්