හෙට නිදහස හිමි වන සිරකරු ලේඛනයේ රන්ජන් ගේ නම නැහැ

74 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් හෙට (4) දින සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස්(පාලන සහ පුනරුත්ථාපන )සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන අතර ඒ ලේඛන වල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගේ නම නොමැති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.හෙට දිනයේ මෙලෙස නිදහස හිමිවන්නේ, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිර දඬුවම් විදින, බන්ධනාගාරගතව සිර දඬුවම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවූ , නියම කර ඇති දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති සහ , මහාධිකරණයෙන් වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම වූ දින සිට මෙම පෙබරවාරි 04 වැනි දින දක්වා එම දඩුවමෙන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරු වන බව බන්ධනාගාර කොමසාරිස්(පාලන සහ පුනරුත්ථාපන )සහ මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.නමුදු බන්ධනාගාර ආරංචි මාර්ග පවසනුයේ ඉහත පටිපාටියෙන් බැහැරව වුව ද යම් සිරකරුවකුට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති වරයාට ව්‍යවස්ථානුකූල බලයක් හිමි වන බව ය.

කාලීන පුවත්