ආයිත් සංචරණ සීමා නැහැ

ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුව ද යළි සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.මේ මොහොතේ සියළුම පුද්ගලයින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් සේ සළකන බව ද හමුදා පති වරයා කීය.මේ අතර මේ දිනවල සමාජය තුළින් හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත වූවන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

කාලීන පුවත්