දෙමව්පිය මිථ්‍යාව නිසා මියගිය දරුවාට කොවිඩ්

බඩල්ගම,ආඬිමුල්ල ප්‍රදේශයේදී දෙමව්පියන්ගේ මිථ්‍යා විශ්වාස හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ දස හැවිරිදි පිරිමි දරුවාට කොවිඩ් ආසාදනය වී තිබූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබේ.දිගු කාලීන සෙම් රෝගී තත්ත්වයකින් පෙළුණු මෙම දරුවාට සුවය පතා දෙමව්පියන් සහ මිත්තණිය යාඥා කරමින් සිටිය දී දරුවා මියගොස් තිබූ අතර, දින දෙකක් ඉක්ම ගොස් මළ සිරුරින් දුර්ගන්ධයක් හමන තුරුම එම මළ සිරුරට යළි පණ ලබා දීමේ අරමුණින් ඔවුන් තිදෙන යාඥා කරමින් සිට ඇත. ඒ අනුව එම මරණය තවත් කොවිඩ් මරණයක් සේ ලේඛන ගත කොට ඇති අතර.සිද්ධිය සම්බන්දයෙන් දරුවාගේ මව, පියා සහ මිත්තණිය අත්අඩංගුවට ගැනුණු අතර,පසුව මව රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

කාලීන පුවත්