කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සියයට 17 කින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ කොවිඩ් සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියයි.
මරණයට පත්වන රෝගීන්ගෙන් සියයට 60 ත් 65 ත් අතර සංඛ්‍යාවක් බූස්ටර් එන්නත ලබා නොගත් අය බවට ද හඳුනාගෙන ඇත.
කොවිඩ් ආසාදනය වීමෙන් ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
කොවිඩ් ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබන රෝගීන් වේදනා නාශක වශයෙන් පෙරසිටමෝල් පමණක් භාවිත කිරීම යෝග්‍ය බව කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසයි.
එමෙන්ම රෝගියා නිවසේ වෙසෙන අනෙත් පුද්ගලයන්ගෙන් දුරස්ථව සිටීමත් ඔහු භාවිත කරන උපකරණ අනෙත් අය භාවිත කිරීමෙන් වැලකී සිටීමත් වැදගත් බවත්.
ඇඳ විවේකය ද ආසාදිත පුද්ගලයන්ට වැදගත් බවත් සංකුලතා මතුවේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් වෛද්‍ය දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටී.