විශ්ව විද්‍යාල පරිපාලනය මඟින් සිසුන්ට කරන අනවශ්‍ය බලපෑම් නතර කරන ලෙස ඉල්ලමින් යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල ගේට්ටුව වසා දමමින් සිසුන් අද(17) විරෝධතාවයක නිරතවූහ.ඒ හේතුවෙන් ආචාර්ය මණ්ඩලයට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට විශ්වවිද්‍යාලය භූමියට ඇතුළු වීමට ඉඩක් ලැබී නැත.සිසුන්ගේ මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා මාර්ගයෙන් විසඳුම් ලබාදීමට විශ්වවිද්‍යාල උපකුලපතිවරයා එකගත්වය පළ කළ ද සිසුන් ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැත.සිසුන්ගේ මෙම විරෝධතාව හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් තිබූ බව ද වාර්තා වෙයි.