ගර්භාෂය යනු ස්ත්‍රියකට පමණක් පවතින ඉන්ද්‍රියකි.විවිධ හේතු මත කාන්තාවන්ගේ ගර්භාෂය සැත්කමක් මගින් ඉවත් කරන්නට සිදු වන අවස්ථා යෙදේ. පවතින ඉන්ද්‍රියකි. ඒ අනුව ගර්භාෂය ඉවත් කිරීම ස්ත්‍රීත්වයට කොයි තරම් දුරට බලපෑම් ඇති කරයි ද යන ගැටලුව ඔබ තුළත් මතු ව තිබෙන්නට බැරි කමක් නැත.
ගර්භාෂයෙන් සිදුවන ප්‍රධානතම කාර්යය දරුවකු ඒ තුළ වර්ධනය කර මේරූ පසු ප්‍රසූත කිරීමයි. කෘත්‍රිමව සංසේචනය කර සෑදූ නල දරුවකු වුවද එම වීදුරු නලය තුළ වර්ධනය වීමට ඉඩ හරින්නේ මුල් දින කිහිපයක් තුළ පමණි.
ඉන්පසු එම කළලය වර්ධනය වීම සඳහා නාලයෙන් ඉවත් කර ගර්භාෂයක් තුළ තැන්පත් කිරීම කළ යුතු වේ.ඒ අනුව දරුවකු වර්ධනය වීම මෙලොව වෙන කොතනකවත් සිදුවිය නොහැකි ය. එයට කාන්තාවකගේ ගර්භාෂයක් අවශ්‍ය වේ.
නමුත්, එලෙස දරුවකු මෙලොවට බිහි කිරීම සඳහා මිස ගර්භාෂයෙන් කාන්තාවකට වෙනත් ප්‍රයෝජනයක් නොමැත. ස්ත්‍රීත්වය සඳහා වඩා වැදගත් වන්නේ ඩිම්බ කෝෂ යි. ස්ත්‍රී හෝමෝන ඇති වන්නේ ඩිම්බ කෝෂයේ ය. පියයුරු වර්ධනය ඇතුළු ස්ත්‍රී ලාලිත්‍යයට වැදගත් වන සියල්ල හටගන්නේ ඊස්ට්‍රජන් හෝමෝන නිසා ය.ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවෙන්නේ ඩිම්බ කෝෂ තුළ ය.
ප්‍රජනනය සඳහා ද ඩිම්බ කෝෂවල තිබෙන ඊස්ට්‍රජන් හෝමෝනය ඉතා වැදගත් වේ.එනිසා යම් කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කිරීමෙන් ඇගේ ස්ත්‍රී ලාලිත්‍යය නැති වන හෝ හීන වන බවට ඇති සමාජ මතය මුළුමනින්ම මිථ්‍යාව පදනම් කර ගත් අසත්‍යයක් බව කිව යුතුම ය
ගර්භාෂය අකාලයේ ඉවත් කරන්නට සිදු වන්නේ ඇයි?
කාන්තාවකගේ ඔසප් චක්‍රය නතර වූ පසු ගර්භාෂය ඇයට පලක් නැති නිකන්ම නිකන් ඉන්ද්‍රියක් පමණි. සමහරුන්ගේ ගර්භාෂ ගෙඩි හටගත් විට උදරය විශාල වීමෙන් උදරය මෙන්න මුත්‍රාශය, බඩවැල්, වකුගඩු ආදිය පවා තෙරපී එම ඉන්ද්‍රියන්ට හානි සිදුවන අවස්ථා තිබේ. එවැනි විටක ගර්භාෂය සැත්කමකින් ඉවත් කරන්නට සිදුවනු ඇත.
ඔසප් චක්‍රය නතර වී නොමැති කාන්තාවකගේ වුවත් ගර්භාෂය ඉවත් කරන්නට සිදුවන අවස්ථා යෙදේ .එකක් නම් ඔසප් වීමේදී සිදුවන අධික රුධිර වහනය යි. ඖෂධවලින් මේ තත්ත්වය පාලනය කරන්නට වෛද්‍යවරුන් මෙහිදී උත්සාහ දරනු ඇත. නමුත්, එසේ නොහැකිම නම් එම කාන්තාවගේ ගර්භාෂය ඉවත් කරන්නට සිදු වෙයි.
මෙවැනි තත්ත්වයකදී ගර්භාෂය ඉවත් නොකර මයික්‍රොවේව් සහ ලේසර් ක්‍රම මගින් ගර්භාෂයේ සිවිය ඉවත් කිරීම, ගර්භාෂයට කැමරාවක් යවා එහි සිවිය ඉවත් කිරීම වැනි ක්‍රම ලෝකයේ බොහෝ රටවල භාවිතා කළත්, මෙය ඉතා අධික වියදම් යන ක්‍රම නිසා දැනට අපේ රටේ දැකිය හැකි නොවේ.
සමහර වියපත් කාන්තාවන් ගේ ගර්භාෂය පහත් වී යෝනි මාර්ගයෙන් පිටතට එන අවස්ථා ද බහුලව දැකිය හැකිය. එවැනි තත්ත්වයන්වලදී ද ගර්භාෂය සැත්කමක් මගින් ඉවත් කිරීමට සිදුවනු ඇත.
ගර්භාෂයේ සහ ගැබ් ගෙලෙහි පිළිකා හටගත් විටත් ගර්භාෂය ඉවත් කෙරේ.
දරුවන් බිහි කරන වයසේ සිටින මවුවරුන් ගේ ද ඇතැම් අවස්ථාවල දී ගර්භාෂය ඉවත් කරන්නට සිදු වේ. දරු ප්‍රසූතියකින් පසු අධික ලෙස රුධිර වහනය වීම මීට එක් හේතුවකි. මෙහිදී ඖෂධ සහ අනෙකුත් සියලු උපක්‍රම භාවිතා කර රුධිර වහනය නතර කර ගන්නට වෛද්‍යවරුන් උත්සාහ දරනු ඇත.
නමුත් එයින් ප්‍රතිඵලයක් නැති බව වෛද්‍යවරුන්ට සනාථ වුවහොත් රුධිරය බොහෝ සෙයින් පිට වී රුධිරය කැටි නොගැසෙන තත්ත්වයට පත් වන්නට පෙර ගර්භාෂය ඉවත් කළ යුතු ය. මෙසේ පශ්චාත් ප්‍රසව රක්තපාතය හට ගැනීමට බලපාන එක හේතුවක් වන්නේ දරුවා බිහි කිරීමේදී ගර්භාෂය පිපිරී යාමයි.
දරුවන් බිහි කරන වයසේ පසුවන විවාහක මෙන්ම අවිවාහක කාන්තාවන්ගේ පවා ගර්භාශයේ ගෙඩි සහ පිළිකා තත්ත්වයන් ඇති විට ගර්භාෂය ඉවත් නොකර රෝගියා බේරා ගත නොහැකි බව සනාථ වුවහොත් එය ඉවත් කරනු ඇත. එසේ කරනු ලබන්නේ අදාළ ගෙඩිය හෝ පිළිකාව ඉවත් කිරීමට යාමේදී බොහෝ සේ රුධිරය පිටවන අවස්ථාවල දී රෝගියාගේ ජීවිතය බේරාගැනීම සඳහා ය.
වයස අවුරුදු 50න් පසු කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කරන්නට සිදුවන අවස්ථාවලදී ඒ සමගම බිම්බ කෝෂද ඉවත් කෙරේ. ඩිම්බ කෝෂ වල පිළිකා හට ගන්නා අවස්ථා මේ නිසා වැළකී යයි.
නමුත් ඩිම්බ කෝෂ නිරෝගී තත්ත්වයෙන් පවතී නම් එවැනි විටෙකදී බොහෝ විට ඩිම්බ කෝෂ ඉවත් කරන්නේ නැත. නමුත් ඔසප් චක්‍රය ඇන හිටීමෙන් පසුව ඩිම්බකෝෂවල ක්‍රියාකාරිත්වය ද නැති වී යයි. එනිසා බොහෝ විට ගර්භාෂය ඉවත් කිරීමේ දී ඔසප් නතර වූ සහ නතර වීමට ආසන්න වයසේ කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ ඉවත් කිරීම සාමාන්‍යයෙන් සිදුවන තත්ත්වයයි.
මේ සඳහන් කළේ ගර්භාෂය ඉවත් කිරීමට සිදුවන ප්‍රකට අවස්ථාවන් පිළිබඳව ය. කෙසේ වුවද ගර්භාෂය ඉවත් කිරීමෙන් වැඩිහිටි කාන්තාවකට කිසිදු ආකාරයක අවාසිදායක තත්ත්වයක් සිදු වන්නේ නැත.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී රාජපක්ෂ
ඉන්දු පෙරේරා