නතර කළ කෘත්‍රිම පළිබෝධ නාශක යළි ගෙන්වීමේ සූදානමක්!

වී වගාවේ දුඹුරු පැල කීඩෑ හානිය, බඩඉරිඟු වගාවෙි සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය ඇතුළු කෘෂි  වසංගත  සදහා ස්වාභාවික පලිබෝධ නාශක වලින් ලැබෙන පිටිවහල ප්‍රමාණවත් නොවන බැවින් රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

මේ අනුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයට අනුව ,තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක පමණක් ආනයනය සඳහා අවසර දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර ඇත.

ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කෘෂි රසායන අංශය මගින් හෝ දේශීය නියෝජිත සමාගම් වෙතින් එම කෘෂි රසායන ආනයනය කිරීමටත්, සිපෙට්කෝ කෘෂි රසායන අංශය සතු ගබඩාවල ගබඩා කිරීමටත් ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා අලෙවි කිරීමටත් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමති මහින්ද ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම එම කෘෂි රසායන  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරීයකුගේ අධීක්ෂණය යටතේ නිකුත් කිරීමට ද ඇමතිවරයා යෝජනා කර ඇත.නමුදු.

වී වගාවේ දුඹුරු පැල කීඩෑ හානිය, බඩඉරිඟු වගාවෙි සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සදහා වගාවන් සඳහා ස්වාභාවික පලිබෝධ නාශක කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් එමඟින් මෙවර අස්වනු බොහෝ දුරට අඩුවී ඇති බවටත් ගොවීන් මැසිවිලි නඟන තමන් ඒ සම්බන්ධයෙන් නිරතුරුවම අදාල බලධාරීන් දැනුවත් කළ බවකි.

නමුදු ඇමති වරයා පවසන්නේ ස්වාභාවික පලිබෝධ නාශක භාවිතය සම්බන්ධයෙන් බහුතර ගොවීන් තුළ පවතින අඩු දැනුම මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කිරීමට මුල් වූ බවය.

කාලීන පුවත්