අමාත්‍යාංශ කටයුතුවලින් ඉවත් වීම ගැන ලන්සා අද පාර්ලිමේන්තුවට කියයි

පාර්ලිමේන්තුව අද(22) පෙරවරු 10 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර මේ වන විට සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්ව සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වීමට හේතුව සේම තම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.එමෙන්මපෙරවරු 11 සිට පස්වරු 4.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග ද අද විවාදයට ගැනීමට නියමිත ය.

කාලීන පුවත්