දැවෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න හදිසි කැබිනට් රැස්වීමක්

දැනට රට මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය මෙන්ම ඉන්ධන සහ විදුලිබල ගැටලු ආදී දැවෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

තමන් මුහුණ පාන ගැටළු අර්බුද සඳහා කිසියම් සහනයක් ලබා දෙන ලෙස ජනතාව රජයට දැඩි ලෙස බලකර සිටින අතර ඔවුන් තුළ දැඩි කෝපයක් සහ නොසන්සුන් බවක් පැතිරීම් මුල් කොට මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව මෑත වසරවලදී මෙතෙක් මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදයට මේ වන මුහුණ දී ඇති අතර ඊයේ කොටස් වෙළඳපොල ද දැඩි පසු බෑමකට ලක් විය.පවසන අන්දමට ශ්‍රී ලංකාවේ කොටස් දර්ශකය 2020 ඔක්තෝම්බර් මාසයෙන් පසු එහි පහළම අගය ඊයේ සියයට 4.47 කින් පහත වැටී තිබිණ.

ඉන්දියාව, සෞදි අරාබිය සහ චීනය වැනි රටවලින් පවා මූල්‍ය ණය ආකාරයෙන් යම් ආකාරයක සහනයක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

ජනාධිපතිවරයා අද සවස පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කර ඉදිරියට යාමට යම් ආකාරයක විසඳුම් සෙවීමට නියමිතය

කාලීන පුවත්