යුක්‍රේනයට යුදමය සහයක් දෙන බවට බ්‍රිතාන්‍ය අගමැති ගෙන් ප්‍රතිඥාවක්

යුක්‍රේනයට යුදමය සහයක් දෙන බවට බ්‍රිතාන්‍ය අගමැති ගෙන් ප්‍රතිඥාවක් මේ වන විට දියත් කොට ඇති යුක්‍රේනයට සිදුවන රුසියානු ආක්‍රමණය දැඩි ලෙස හෙළා දකින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයට යුදමය වශයෙන්’ සහාය දීමට ප්‍රතිඥා දෙන බව අද (25) ජාතිය අමතමින් පැවසීය.
මේ වනවිට රුසියානු ආයතන 100කට වැඩි ගණනකට නව සම්බාධක මාලාවක්ද පනවා ඇති අතර එක්සත් රාජධානිය ‘රුසියානු තෙල් හා ගෑස් මත යැපීම සාමූහිකව නැවැත්වීම සඳහා දැවැන්ත ආර්ථික සම්බාධක පැකේජයක්’ හඳුන්වා දෙන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වරයා වැඩි දුරටත් කීය. “යුක්රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථාවත් කිරීම සහතික කිරීම පිණිස අපි ඔවුන් සමඟ කොපමණ කාලයක් ගත වුවද වැඩ කරන්නෙමු. මෙම අනවශ්‍ය සහ නොසැලකිලිමත් ආක්‍රමණශීලී ක්‍රියාව යුක්‍රේනයට පමණක් නොව, නැගෙනහිර යුරෝපයේ සහ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට එල්ල කරන ප්‍රහාරයකි”.බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කීය.

කාලීන පුවත්