“ජීව බුබුළු “වලට කලින් ආණ්ඩුවට හිතන්න දේවල් තියනවා රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් දිනපතා වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ජීව බුබුළු ක්‍රමය යටතේ රටට ඊශ්‍රායලයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට කළින් රජය සිතා බැලිය යුතු බොහෝ කරුණු ඇතැයි  රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියයි.මෙවන් අවදානම් සහගත අවස්ථාවක වගකිවයුතු පාර්ශවයන් තීරණ ගැනීමේ දී විද්‍යාත්මක පසුබිමක් මත සිතා බැලිය යුතු බවත්, ආර්ථිකය ගැන සැළකිලිමත් විය යුතු නමුත් ගන්නා හැම තීරණයක්ම විද්‍යාත්මක පසුබිමක් පසුබිමකින් යුතු වීම වැදගත් යැයි ඔහු වැඩි දුරටත් කියයි.ජීව බුබුළු ක්‍රමය යටතේ රජය ඊශ්‍රායලයෙන් සංචාරකයන් ගෙන ඒම පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පවසනුයේ දැනට ක්‍රියාත්මක කරන සංචරණ සීමාවන් තව කොපමණ කාලයක් පවත්වාගෙන යන්නේ ද යන්න පවා තීරණය කළ යුතුව  තිබිය දී ඉක්මනින් සංචාරකයන් ගෙන්වා ගැනීමට රජය දරන උත්සාහය කෙසේ වත් අනුමත කළ නොහැකි බවකි.

කාලීන පුවත්