පාසල් හෙට ඇරඹේ;සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වගකීම විදුහල්පති වරුන්ට

පාසල් හෙට ඇරඹේ;සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වගකීම විදුහල්පති වරුන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් පවත්වාගෙන යාමේ වගකීම විදුහල්පති වරුන් වෙත පවරමින් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (07) සිට යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 7 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබුණි.අනුමත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පන්ති කාමරයක ළමුන් 20 ට අඩු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ හැකියාව පවතින අතර 20 ට වැඩි පන්ති කාමර සහිත පාසල්වලට කාණ්ඩ වශයෙන් ළමුන් ගෙන්වා ගැනීමට විදුහල් පති වරයා පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

කාලීන පුවත්