ගෑස් හිඟය නිසා හෝටල් බේකරි වැසී යාමේ අවදානමක්

යළි හිස ඔසවන ගෑස් හිඟය නිසා හෝටල් ආපන ශාලා සහ බේකරි වැසී යාමේ අවදානමක් පවතින බව දිවයිනේ බොහෝ ප්‍රදේශ වාර්තා වෙයි.ඒ අනුව ඉදිරි සතිය වන විට දිවයින පුරා හෝටල් ආපන ශාලා සහ බේකරි සේවාව පවත්වා ගෙන යාමට නොහැකිව ජනතාව මහත් අපහසුවකට පත් වන අතර එම කර්මාන්තයේ සහ ව්‍යාපාර වල යෙදෙන අති විශාල පිරිසකට තම ජීවනෝපායන් අහිමි වනු ඇතැයි හෝටල් ආපන ශාලා සහ බේකරි හිමියෝ කියති.මේ අතර දැනට දින හයක සිට ගෑස් නැව් තුනක් ශ්‍රීලංකා මුහුදේ නැංගුරම් ලා ඇති අතර ඒවා ගොඩ බෑමට නොහැකි වීම මත එක් දිනකට ඩොලර් 15,000 දහස බැගින් නැව් තුනටම ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු බව පෙන්වා දෙන ලිට්රෝ සමාගම වැඩිදුරටත් පවසන්නේ දිගුකාලීන මිලදී ගැනීමේ ටෙන්ඩරයෙන් සැපයූ ගෑස් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක් ගෙවීමට ඇති බැවින් දැනට පැමිණ ඇති නැව් දෙක ද ලබාගැනීමට නොහැකිවී ඇති බවයි.මේ අතර ලාෆ් සමාගම ණයවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතාවය නිසා මේ වන විට දිනකට නිකුත් කරන සිලින්ඩර ප්‍රමාණය 2000කට සීමාකර තිබේ.

කාලීන පුවත්