සන්නස්ගල දුටු නැදුන්ගමුවේ ඇතාගේ මරණය

ශිෂ්ටාචාරය,සභ්‍යත්වය,සංස්කෘතිය වගේ දේවල් මානව පරිනාමයත් එක්ක මානව වර්ගයා තමන්ගේ පොදු යහපත සඳහා තනා ගත්තු දේවල්.නමුත් තම තමන් ගේ පෞද්ගලික දෘෂ්ටීන්,කෝණයන් අවශ්‍යතතාවයන් එක්ක බලන කොට මේවා මඟින් තමන්ගේ සිතැඟි වලට මනාපයන්ට සහ පෞද්ගලික නිදහසට බාධා පැමිණෙන අවස්ථා දුලබ නොවන බව අපි ඕනෑම කෙනෙකුට යම්යම් අවස්ථා වල වැටහී තිබෙනවා.

ඒ වගේම,ශිෂ්ටාචාරය,සභ්‍යත්වය,සංස්කෘතිය වගේ මානවීය බැඳීම් සමඟ කිසිම සම්බන්ධයක් නැති සත්ව ලෝකය තුළ මිනිසුන්ට නැති අසීමිත නිදහසක් රැඳී පවතින බව යමකුට බැලූ බැල්මට පෙනෙන්න පුළුවන්.නමුත් ඔය අතරේ අපේ මිනිස් සමාජයේ ශිෂ්ටාචාරය,සභ්‍යත්වය,සංස්කෘතිය වගේ දේවල් රැක ගන්න ම්නිසුන් ඊට කිසිම සම්බන්ධයක් නැති සතුන් යොදා ගන්නා අවස්ථා එමටයි.ස්වභාවික යුක්ති ධර්මයට අනුව බලන විට අයුතු,අසාධාරණ බලහත්කාරී ක්‍රියාවක් බව සියයට සියයක්ම සහතික කොට කිව හැකි මේ කටයුතු වලදී සතුන් මිනිසුන් මෙන් “සංස්කෘතික සත්වයන්” කිරීමට වෙර දැරීම සොබා දහමට පටහැනි මෝඩ ක්‍රියාවක්

නමුත් ඒ වටා මානව සංස්කෘතික සන්දර්භයන් ගොඩ නැඟී තිබෙන හින්දා අපි බොහෝ විට ඒ සතුන් දෙස බලන්නෙත් ඔවුන් අපේ සංස්කෘතියට කැමැත්තෙන් අනුගත වූ වාසනාවන්ත පින්වන්ත පිරිසක් විදිහටයි.නමුත් ඒ සිතුවිල්ලම පරම මිථ්‍යාවක්.

මේ මානව දෘෂ්ඨියේ පවතින නෛසර්ගික අයුක්ති අසාධාරණ බව ගැන ඇතැම් නූතනවාදීන්ගේ සිත් තුළ තිබුණත් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න බොහෝ දෙනෙක් බයයි.

නමුත් අපේ පරපුරේ විප්ලවකාරී ලේඛකයෙක්, දේශකයෙක් වගේම නිදහස් චින්තකයෙක් වුණු උපුල් ශාන්ත සන්නස්ගල නැදුන්ගමුවේ ඇතා ගේ මරණය මුල් කොට තමන්ගේ ෆේස් බුක් පිටුවට එක් කොට ඇති මේ කෙටි පැදි පෙළ මිනිසුන් වන අපි තනා ගත් ශිෂ්ටාචාරය,සභ්‍යත්වය,සංස්කෘතිය වගේ දේවල් අතික්‍රමණය කොට ස්වභාවික යුක්තිය වෙත හෙලන සංතීක්ෂණ,ඒ වගේම දයාබර බැල්මක් බවයි,අපේ වැටහීම

———————————–

ආගම් පල්ලි පන්සල් කෝවිල් නැති
විලංගු දම්වැල් වද හිංසා නැති
හෙණ්ඩුවක් මුරකාරයෙක් නැති
විකුණ විකුණා මිල කෙරෙන්නේ නැති
මිනිස් ඇස ගැසෙන්නේ නැති
වනස්පති රුක් සෙවණ ඇති
සද්දන්ත විල් පොකුණු ඇති
ප්‍රේමය නිදහස සහ ඇත් සෙන් පිරිවර ඇති
මහා වනාන්තරයක ඉපදුණේ නැති
අහිංසකයෙක්
වද වේදනා ජීවිතයෙන් සමුගත්ත දවස !

wall එක