තායිලන්තයෙන් ගෙනා රුපියල් කෝටියක ඇන්තූරියම් පැළ 400ක් කටුනායක දී අත් අඩංගුවට

තායිලන්තයේ බැංකොක් නුවර සිට රුපියල් කෝටියක් වටිනා ඇන්තූරියම් පැළ 400 ක් සමග ඒවා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විසිතුරු පැළ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද ඊයේ (07) සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ සවස 04.00 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් මෙම මල් ව්‍යාපාරිකයන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ විශාල ගමන් මලු 04 ක මෙම ඇන්තූරියම් පැළ 400 , අසුරා ගෙන තිබුණි. කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් මෙසේ නීති විරෝධී ලෙස රැගෙන විත් තිබූ ඇන්තූරියම් තොගය සහ එම ව්‍යාපාරිකයන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා ශාක නිරෝධායන ආයතනයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

කාලීන පුවත්