කොවිඩ් ආසාදනය සහ එන්නත් මඟින් ලිංගික දුබලතා වලට සහ වඳ බවට ලක් වන්නේ නැහැ

කොවිඩ්-19 ආසාදනය වී ඇති ඇතැම් තරුණ තරුණියන් ලිංගික දුර්වලතා වලට සහ දරුඵල අහිමි වීමට ගොදුරු විය හැකි බවට පළ වන මාධ්‍ය වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.එහි කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ එවැනි කිසිවක් තවමත් විද්‍යාත්මකව ඔප්පු කර නොමැති අතර ජනතාව ඒ පිළිබඳව කලබල නොවිය යුතු බවයි.එපමණක් නොව, බූස්ටර් මාත්‍රාව දරුඵල අහිමි වීමට හේතු වන බව පවසන කිසිදු වාර්තාවක සත්‍යතාවක් නොමැති බව ද වෛද්‍ය හම්දානි අවධාරණය කරයි.එබැවින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ මෙවැනි අසත්‍ය වාර්තාවලට නොරැවටෙන ලෙසය.

කාලීන පුවත්