ඩොලර් මිලියන 500ක ඉන්දියානු තෙල් ණය සඳහා සංචිත බැංකු අනුමැතිය

ඉන්ධන සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 500ක ණය මුදල ලබා දීමට ඉන්දියානු මහ බැංකුව වන ඉන්දියානු සංචිත බැංකුවේ(RBI ) අනුමැතිය හිමිව තිබේ.ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන ලබා ගැනීම සඳහා අදාළ ණය මුදල නිකුත් කරන බව ඉන්දියානු සංචිත බැංකුව සඳහන් කොට ඇත.සමස්ත ඉන්දීය බැංකු යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනුයේත් නියාමය කරනුයේත් ඉන්දියානු සංචිත බැංකුව විසිනි.එම ණය ගිවිසුම අනුව ඉන්දියාවේ විකුණුම්කරුවෙකු විසින්ම මුළු ණයවලින් අවම වශයෙන් සියයට 75ක වටිනාකමකින් යුත් ඉන්ධන නිෂ්පාදන, සහ සේවා ඉන්දියාවේ විකුණුම්කරුවෙකුගෙන්ම ලබා ගත යුතුය.

කාලීන පුවත්