හෙට ඉරිදාත් විදුලි කප්පාදුවක්

හෙට ඉරිදාත් විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා බලාගාර වෙත ප්‍රමාණවත් ඩීසල් සහ නැප්තා නොලැබීම නිසා මත හෙට(13) ඉරිදා දිනයේත් ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද හෙට (13) විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.පසුගිය මාර්තු 05 වන දා සිට විදුලිය කැපීමට අවශ්‍ය නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහතුන් ඇතුළු රජයේ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකුම කියා සිටි අතර පසුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මෙම විදුලි කප්පාදුව පිටුපස කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් ඇති බවය.එහෙත්,ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා විදුලි බලමණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ මෙම විදුලි කප්පාදුවට එකම හේතුව විදුලි ජනනය සඳහා බලාගාර වෙත ප්‍රමාණවත් ඩීසල් සහ නැප්තා සැපයීමේ යාන්ත්‍රණයක් සැකසීමට රජය මෙතෙක් අසමත් වීම බවය.

කාලීන පුවත්