බස් සංගම් ඉල්ලන ගාස්තු සංශෝධනයකට මේ මොහොතේ ඉඩ දෙන්න බැහැ

බස් සංගම් ඉල්ලන ගාස්තු සංශෝධනයකට මේ මොහොතේ ඉඩ දෙන්න බැහැ අද (13)දිනයේ දිවයිනේ බොහෝ මාර්ග වල පෞද්ගලික බස් සේවා අඩාලව පවතින බව වාර්තා වෙයි.නමුත්,වැඩි කළ බස් ගාස්තු සංශෝධනයක අවශ්‍යතාව පැන නැඟී ඇති මුත් බස් සංගම් ඉල්ලූම් කරන ගාස්තු ඉහළ නැංවීමක් සඳහා මේ මොහොතේ හැකියාවක් නොමැති බව සම්බන්ධයෙන් ප‍්‍රවාහන අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසයි. එමෙන්ම බස් සංගම් ඉල්ලා සිටින ඩීසල් සහනාධාරය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බවත් ඒ පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවත් ඇමති වරයා කියයි. මේ අතර බස් හිමියන් පවසනුයේ සියයට දහයක් වැනි අගයකින් ඉන්ධන මිල වැඩි වූයේ නම් පවතින ගාස්තුව සංශෝධනය නොකිරීමට හැකි මුත් මෙම අධික මිල වැඩි වීම හමුවේ ගාස්තු ඉහළ නැංවීමකින් තොරව පෞද්ගලික බස් සේවාව පවත්වාගෙන යා නොහැකි බවය.

කාලීන පුවත්