අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක්

ඉන්ධන මිල ඉහලයාමත් සමග අද(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුවල කිසියම් සංශෝධනයක් සිදුවනු ඇතැයි ඇමති දිලුම් අමුණුගම මහතා කියයි. ජනතාවට දැඩි බලපෑමක් එල්ල නොවන පරිදි අවම ගාස්තු සංශෝධනයක් කිරීමට බස් සංගම් එකගවු බව ඔහු සදහන් කරයි. බස්ගාස්තු සංශෝධනය හා පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇමතිවරයා හා බස් සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යංශයේදී ඊයේ පැවැත්වින. දීර්ඝ කාලීනව ඉන්ධන සහනාධාරයක් සැපයීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බැවින් බස් ගාස්තු සංශෝධනයක් කිරීමට එහිදී එකගත්වය පළ වු බව ඇමතිවරයා කියයි.

කාලීන පුවත්