විදුලි බල අර්බුදයට පුනර්ජනනීය බලශක්ති විසඳුම් සොයන්න මුදල් ඇමති ඉන්දියාවේ දී සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පවත්නා විදුලි බල අර්බුදයට දිගු කාලීන විසඳුම් වශයෙන් විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ක්‍ෂේත්‍රයේ නව ප්‍රවණතා මඟින් දායකත්වයක් ලබා ගැනීම පිණිස ඉන්දියාවේ සංචාරයක නිරත ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දිය විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ඇමති ශ්‍රී රාජ්කුමාර් සිං මහතා හමු විය. ඊයේ(17) නවදිල්ලි අගනුවරදී එම හමුව සිදු වී තිබේ. විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ක්‍ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගිතාවට අදාල කරුණු රැසක් පිළිබඳව ද එහි දී අවධානය යොමු කෙරුණු අතර ඉන්දියාවේ,ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ද මෙම හමුවට එක් විය.

කාලීන පුවත්