ඉන්දියානු චීන ණය කොන්දේසි රටට හෙළි කරන්න

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයක් වශයෙන් ලබා ගැනීමේදී අත්සන් කරන ලද ගිවිසුම තුළ අඩංගු කොන්දේසි පිළිබඳව මෙතෙක් රටට අනාවරණය කර නොමැති අතර එම ගිවිසුම සහ ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් තුන පිළිබඳව වහාම ජනතාවට හා පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙස ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම් තුන පිළිබඳව ඉන්දීය ජනමාධ්‍ය කරුණු අනාවරණය කර ඇති බවයි.මේ අතර ශ්‍රී ලංකාව හා චීනය අතර හිටි හැටියේ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති බවත් පෙන්වා දෙන උන් වහන්සේ පවසන්නේ, හුදෙක් පටු ආර්ථික වාසි උදෙසා උතුරු නැගෙනහිර හා රටේ වෙනත් පළාත්වල තිබෙන ජාතික සම්පත් කොල්ලකෑමට හෝ පාවා දීමට මග පාදන කුමන්ත්‍රණයක් හෝ සැලැස්මක් මෙම ගිවිසුම් තුළ තිබේ නම් ඒවාට එරෙහිව නැගී සිටීමට තමන් වහන්සේ කිසිසේත් පසුබට නොවන බවයි.

කාලීන පුවත්