විදුලි කප්පාදු කාලය තවත් දිගු වෙයි

විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම මත අද (24)සිට ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 6 යි විනාඩි 10 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට තව දුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කියයි.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ පැය 4 යි විනාඩි 30 ක් ද, පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 40 විදුලිය කප්පාදු කරන බව ද මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය දන්වා සිටියි.

කාලීන පුවත්