මාරාන්තිකම කොවිඩ් ඇති දකුණු අප්‍රිකාවෙන් සංචාරකයන් එපා!

 

ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති C.1.2 ශ්‍රී ලංකාවටද පැමිණීම වැලක්වීමට නම් දකුණු අප්‍රිකාව ඇතුළු එම රටවලින් සංචාරකයින් ගෙන්වා ගැනීම නතර කරන ලෙසට ජාතික පර්යේෂණ සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
එහි සභාපති මහාචාර්ය වෛද්‍ය හේමන්ත දොඩම්පහළ මහතා පවසනුයේ දැනට ලෝකයේ ව්‍යාප්ත වී ඇති සියලුම කොවිඩ් ප්‍රභේද අභිබවා යමින් ඉහළම විකෘතිතා පෙන්නුම් කරන මෙම නව කොවිඩ් ප්‍රභේදය කොවිඩ් මර්දන එන්නත් මගින් ලැබෙන ප්‍රතිශක්තිය පවා ඉක්මවීමට සමත් ව ඇති බව මේ වන විටත් හඳුනාගෙන ගෙන තිබෙන බවයි
C.1.2 නමැති මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයාගනු ලැබුවේ පසුගිය මැයි මාසයේදී වන අතර දැනටමත් එය දකුණු අප්‍රිකාව තුළ 3%ක ව්‍යාප්තියක් සිදු වී තිබේ.
කොවිඩ් ‘ඩෙල්ටා’ ප්‍රභේදය මෙරට තුළ පැතිරීමට හේතු වුයේ ද ඉන්දියාවේ සිට පැමිණි දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ලයෙකුගෙන් නිසා පොදුවේ විදේශ රටවල සිට සංචාරකයින් ගෙන්වීමේදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බව ඔහු පවසයි.

කාලීන පුවත්