ආසන වෙන් කරන දුම්රිය ප්‍රවේශපත් ගාස්තු ඉහළට

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ආසන වෙන් කරන ආසන වෙන් කරන ප්‍රවේශ පත් ගාස්තු ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කරයි.ඔහු වැඩි දුරටත් පවසන්නේ ඇතැම් දුම්රියවල ප්‍රවේශ පත් ගාස්තු සියයට 60 කින් සහ ඇතැම් ගාස්තු සියයට 50 කින් ඉහළ දමා ඇති බවකි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුව ගාස්තු වැඩිකිරීම මාසයේ මුල් දිනයේ කළ ද ඉතිහාසයේ පළමු වරට වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විධිමත් ක්‍රමවේදයකින් තොරව ගාස්තු ඉහළ දමා ඇති බව කී සභාපති වරයා ඒ පිළිබඳව ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානධිපතිවරුන් දැනුවත් නොකර, ප්‍රවේශපත් වෙන්කිරීම් කරන දුම්රිය ස්ථානවලට පමණක් අද අළුයම 1.00ට දැනුම්දීමක් කර ඇති බව ද කීය.

කාලීන පුවත්