පසුගිය දා නිමාවුණු ස්ලිම් පීපල් සම්මාන උළෙලේදී නැවත වතාවක් ජනතාවගේ නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණු මේ වන විට බන්ධනාගත් කොට සිටින රන්ජන් රාමනායක මහතාගේ ෆේස් බුක් අඩවියේ පළ වී තිබූ සටහනකි මේ. මගේ ආදරණීය මගේම පන්තියේ මගේම නුඹලාට…
හිතට දුක් ගින්දරත් බඩට කුස ගින්දරත් දැනෙන වෙලාවක උඹලා ඉන්නෙ කියලා මම දන්නවා. රංජන් රාමනායක කියන නළුවට ආදරේ කරලා රංජන් රාමනායක කියන දේශපාලකයාව විශ්වාස කරපු උඹලා ගැන මට දුකයි. ඒත් මම උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා කියපුවා උඹලා ඇහුවා නම් උඹලාට අද මේ ඉරණම නෑ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මට මෙතන ඉදන් උඹලාගෙ ඔය ගිනි නිවන්න පිහිටක් සරණක් වෙන්න බැරි එක ගැන හිතට හරි වේදනයි. උඹලා පෝලිම් වල අව්වෙ කර වෙවී වැස්සට තෙමි තෙමී දිවා රෑ නොබලා ඔය ගෙවන කරුමෙ දිහා මම බලාගෙන ඉන්නෙ.
ඉතින් මේ කරදර බාධක මැද්දෙත් මම ජනතාවගේ නළුවා වෙලා. ඇත්තටම විජය බාප්පා හිර කරපු කාලේ වගේ නෙමෙයි. ඒ කාලෙ ලොජික් දැන් ගැලපෙන්නෙ නෑ. මාව හිරකරාට මට ආදරේ අරන මගේ ආදරණීය ජනතාවගේ හඬ හිර කරන්න බෑ. ඒ හඩ තමයි ඊයේ SLIM Kantar වේදිකාවෙ රැව් පිළිරැව් දුන්නෙ. උඹලා හැමෝටම හරි ගොඩාක් පිං මට මේ දෙන ආදරයට. විශ්වාස තියාගෙන හිටපල්ලා… මම එනවා ඉක්මණින්ම උඹලත් එක්ක පෝළිමේ අන්තිමට හිටගන්න… ඇත්තටම කවුද මේ ජනතාවාගේ නළුවා… ජනප්‍රිය නළුවාද.. නෑ. ජනතාවගේ හද ගැස්ම දන්න එකා… අපේ එකා වෙච්චි එකා… උඹලා වෙනුවෙන් ඕනම ගේමකට සෙට් වෙන එකා… මගේ ජීවිතේ උඹලා වෙනුවෙන් කෑ ගැහුවේ නැත්තන් මට හිරේ ඉන්න වෙන්නෙ නෑ. හැබැයි උඹලා මට සම්මාන අරන් දුන්නට වැඩක් නෑ. උඹලා මං කියපු දේ ඇහුවෙ නෑ.. මට ඒකටත් දුක උඹලා ගැනමයි… මගේ ජීවිතේ සුවිශේෂී අවස්ථාවක හම්බවුණු මේ සම්මානෙ හදවතට හරිම බර වැඩියි. හිර ගෙදරට ආවට පස්සෙ උඹලා මාව යෝධයෙක් කරලා…. ඒ නිසා මං දන්නවා එළියෙ හිටපු රන්ජන්ට වඩා හිරේ ඉන්න රන්ජන්ට උඹලා ආදරෙයි… පාලකයෝ බයයි. උන් උඹලාට බයයි….
මම මගේ හදවතින්ම සුබ පතනවා හේමාල් මල්ලිට. මල්ලි.. උඹත් ජනතාවගේම නළුවෙක්… උඹ ඔය අතට ගත්තේ ලොකු වගකීමක්… හඩක් නැති උන්ට හඩක් වෙන්න උඹටත් මහා පෞරුෂයක් තියෙනව කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ welcome to the clan මල්ලි. ඒ වගේම සිනමාව ඇතුලෙ උඹට විශාල ගමනක් තියෙනවා.. ඒ ගමන ඉද්ද ගැහුවා වගේ පලයන් මල්ලි.
ආදරණීය මගේ අම්මිට , තාත්තිට, මං නිසා දුක් උහුලන රත්තරං අක්කට සහ පුත්තුන්ට, මන් නිසා චාටර් වෙන මගේ මස්සිනාට… ( සහෝදරයෙක්වත් උඹ වගේ වෙන්නෙ නෑ බං ) මට උදව් කරන ඩොක්ටර් භාග්‍යා , මගේ සගයා ලකීට, උදව් කරන හැමෝටම, මගේ ආදරණීය කලා පවුලේ හැමෝටම, මගේ ඇඩ්මින්ට හැමෝටම ගොඩාක් ස්තුතියි….
මේ මල් මිට උඹලාට..
මට ඉන්න හිතෙන රටක් හදලා තියපල්ලා…
උඹලට මාව ඕනෙම වෙලාවෙ මම නෑ කියලා දුක් වෙන්න එපා… මං ඉක්මණින් එනවා….ජය වේවා….!!!!