විදුලි කප්පාදුව පැ‍ය දහයක් තෙක් දිගු කෙරෙයි?

ඉන්ධන නොමැතිකම හේතුවෙන් කෙරවලපිටිය බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය අද(25) ප්‍රකාශ කොට ඇත.මේ අතර, දැනට පවතින තත්වය යටතේ විදුලි කප්පාදුව දිනකට පැය 6 ½ සිට පැය 10 දක්වා දීර්ඝ කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.විදුලි බලාගාරවල විදුලිය නිපදවීමටඅවශ්‍ය ඩීසල් සහ නැප්තා ඉන්ධන සහ ජලවිදුලි බලාගාරවල විදුලිය නිපදවීමට අවශ්‍ය ජලය නොමැතිවීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්