විදුලි කප්පාදුවට අමතරව විදුලි බල මණ්ඩලයේ නඩත්තු සිඳලුම් මගිනුත් ජනතාවට පීඩා

මේ දිනවල දිනපතා සිදු කරන විදුලි කප්පාදු කිරීම් වලට අමතරව විදුලි නඩත්තු කිරීම් සඳහා යැයි කියමින් ලංකා විදුලි බල මණ්ඩලය වරු ගණන් විදුලිය විසන්ධි කිරීමේ ක්‍රියාවලිය නිසා ජනතාව බරපතළ අසීරුතාවයනට මුහුණ පා සිටිති.

හදිසි විදුලිය බිඳ වැටීම් නොවන මෙම සාමාන්‍ය නඩත්තු සේවා විදුලි කප්පාදු කෙරෙන කාලය තුළ සිදු කළ නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කරන ජනතාව කියා සිටිනුයේ විදුලි බල මණ්ඩලයේ මෙම ක්‍රියාව ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීම සිහිපත් කරවන්නක් බවය.

කෙටි පණිවිඩය –

3/25/22, 11:11 AM –  Dear Valued Customer,

Electricity supply will be interrupted in your area due to an essential maintenance work from 2022-3-25 12:00 hrs to 2022-3-25 17:00 hrs.

Get CEB Care App @ https://ceb.page.link/apps

කාලීන පුවත්