ඉන්දීය විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා හෙට (28) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය.ඒ බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කරයි. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස මෙරට සංචාරය කරන අතර සංචාරය අතරතුරේ දී බිම්ස්ටෙක් අමාත්‍ය මට්ටමේ හමුවමට සහභාගී වීමට නියමිත ය.එම හමුව අනිද්දා (29) කොළඹදී පැවැත්වීමට නියමිතයි.

කාලීන පුවත්