එළඹෙන උත්සව සමයේ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ඇමති ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කරයි. ඩීසල් මෙට්‍රික්ටොන් 37500 ක් රැගත් නෞකාවක් ඊයේ දිවයිනට ළඟාවිය. එහි ඇති ඩීසල් තොගය ගොඩබැම කඩිනමින් ආරම්භ කෙරේ.ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ තවත් ඉන්ධන නෞකාවක් ලබන බ්‍රහස්පතින්දා දිවයිනට ලගාවීමට නියමිත බවත් ඉන්ධන පෝලිම් මේ වන විට බොහෝ දුරට අවසන් බවත් ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසයි.