මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතත් එය ගොඩබෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බැවින් අද(30) සහ හෙට සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් වල ඩීසල් නොමැති වීමට ඉඩ ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.සංස්ථාව පවසන්නේ ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් ඉදිරියේ පෝලිම් ගැසීමෙන් ඵලක් නොවන බවය.එහෙත්, අත්‍යවශ්‍ය සේවා සඳහා වන වාහන සඳහා පමණක් අඛන්ඩව ඩීසල් සැපයීම සිදුකරනු ලබන බව සංස්ථාව දන්වා සිටියි. නමුදු සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් මඟින් පෙට්‍රල් සැපයීම සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන බවඛනිජ තෙල් සංස්ථාව දන්වා සිටින අතර දැනට පවත්නා උග්‍ර ඩොලර් ගිඟය මත මෙම ඩීසල් තොගය ගොඩබෑමට නොහැකි වී තිබේ.මේ තත්වය ඉන්දියානු තෙල් සමාගමේ පිරවුම් හල් වලට අදාල නොවන මුත් මේ වන විට ඒවායේ ද ඩීසල් සැපයුම සීමා කොට තිබේ.