ඉදිරි දින කිහිපයේදී රජයේ සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හොත් දෛනික විදුලි කප්පාදුව පැය 02 ක හෝ 03 ක කාලයකින් අවම කර ගැනීමට අවම කර ගත හැකි වනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා කියයි.මේ වන විට විදුලි කප්පාදුව සිදුකරනු ලබන වේලාවන් තුළ දී කාර්යාල කටයුතු පවත්වා ගෙන යෑම සඳහා විදුලි උත්පාදන යන්ත්‍ර වලට ඩීසල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් ඒ සඳහා අවශ්‍ය ඩිසල් තොග සහ දෛනික සේවක ප්‍රවාහන සේවා සඳහා යොදා ගනු ලබන ඩීසල් ප්‍රමාණය ජාතික විදුලි උත්පාදනය සඳහා යොදා ගත හැකි බව සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.