කොරෝනා බැංකු ණය සහන තව දුරටත්

වත්මන් කොරෝනා වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී හිඳින ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් වෙත ලබා දී ඇති බැංකු ණය සහන කාල සීමාව ඉදිරි දෙසැම්බර් 31 වන දා තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍ර ලේඛයක් මඟින් සියළුම බලපත්‍ර ලාභී සහ විශේෂිත බැංකුවලට උපදෙස් නිකුත් කොට ඇත.මීට කලින් උපදෙස් නිකුත් කර තිබූ අන්දමට මෙම සහනය පසුගිය අගෝස්තු 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබිණ. නමුදු සංචාරක ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ලබා ගත් බැංකු ණය වෙනුවෙන් මෙම සහනය අදාල නොවන අතර එම සහන කාල සීමාව මෙම 30 වන දායින් අවසන් වනු ඇත.

කාලීන පුවත්