අළුත් අවුරුදු කාලය කෝච්චියට අසුබ බවට අනාවැකි

ප්‍රවාහන අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාව මත දුම්රිය පරිපාලන කටයුතු අඩාල වීම හේතුවෙන් වෙනදා මෙන් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.මීට පෙර වසරවල දී අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය හතලිහක් පමණ ධාවනයේ යෙද වූ මුත් මේ වන විට ද පවතින දුම්රිය රියැදුරු හිඟය පියැවීමට බඳවා ගෙන තිබූ විශ්‍රාමික රියැදුරන් තිස් පස් දෙනකුට මාස තුනකින් වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් සේවයෙන් ඉවත් වීම මත මේ තත්වය උදා වී ඇතැයි දුම් රිය ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි. මේ තත්වය යටතේ විශේෂ දුම්රිය දෙකක් පමණක් ධාවනය කිරීමට සාකච්ඡා කරමින් සිටින බව දුම් රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසා සිටින මුත් ඉදිරි දිනවල සාමාන්‍ය දුම්රිය ගමන් වාර පවා නිසි ලෙස පවත්වා ගෙන යාම ගැටළු සහගත විය හැකි බවත් හිටි හැටියේ ඇතැම් දුම්රිය ධාවන වාර අවලංගු වීමේ අවදානමක් පවතින බවත් දුම්රිය ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්